යලි නොයෙන..12.12.12.
අද 12. 12. 12. ඒ කියන්නේ අපේ ජීවිත කාලේ අපි බොහෝ දෙනෙක් දකින දිනය, මාසය සහ අවුරුද්ද එකම ඉලක්කම්වලින් ලියන්න පුළුවන් අන්තිම වතාව. ආයේ මෙහෙම දවසක් එන්නේ 2101. 01. 01. වෙනිදා. ඒ වෙනකොට අපි බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවතුන් අතර ඉන්න එකක් නෑ.
අනික් කාරණය, ඇත්තටම 12. 12. 12 කියන්නේ කවදද? කවුද එහෙම දවසක් හදාගෙන තියෙන්නේ? අද 12. 12. 12 වෙන්නේ අපි පාවිච්චි කරන ග්‍රිගොරියානු දින දර්ශනයට අනුව. මේ දින දර්ශනය හඳුන්වා දුන්නේ 1582 අවුරුද්දේ XIII වන ග්‍රෙගරි පාප්තුමා විසින්. ඒ වෙනකොට යුරෝපයේ පාවිච්චි වුන ජුලියස් සීසර් විසින් හඳුන්වා දී තිබුන ජුලියානු දින දර්ශනයේ තිබුන අවුරුද්දකට තත්ත්පර 11ක දෝෂය නිවැරදි කරන්න තමයි මේ වෙනස හඳුන්වා දුන්නේ. මේ කාලේ වෙනකොට දවස් එකොළහක දෝෂයක් වෙලා තිබුනා. ඒ නිසා අලුත් දින දර්ශනය මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තු රටවල් (ස්පාඤ්ඤය, පෘතුගාලය, පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ ඉතාලියේ බොහෝ ප්‍රදේශ) 1582 ඔක්තෝම්බර් 4 වෙනිදාට පස්සේ කෙලින්ම ඔක්තෝම්බර් 15 වෙනිදාට පැන්නා.
අද ආපහු නො එන දවසක් නිසා විවිධ මිනිස්සු විවිධ දේවල් කරණවා
ඒවා හුගක් විට හොද දේවල් එහෙත්සමහර මිනිසුන් අද දිනය මතින් සමරන්න හිත ගෙන ඉන්නවා.
ඒ වූනාට, අපි ප්‍රර්ථනා කරන්නේ හුගක් දෙනෙකුට ජීවිතයට අයි එන්නේ නැති 12.12.12 දිනය ජීවිතයටම
අමතක වෙන්න නැති හොද වැඩකට යොදවන්න කියලා.................
No comments:
Post a Comment